Thursday 22 August 2019

ජපන් භාෂාව ඉ‌ගෙන ගන්නා අයට තවත් බ්ලොගයක්....



https://www.youtube.com/watch?v=-zv5i559-EI&feature=share&fbclid=IwAR1Q_e-MsWvR34a56Yal2ITrTLShc-V2MaLlBfPlrCVMZgf4mZBHK2QbRjg

( සිංහලබසින් විස්තර කරන ආධුනිකයනට ගැලපෙන පාඩම් )
https://www.youtube.com/channel/UC7fgWtIA0rAxqwPnMIiR0tw









http://japanese-srilanka.blogspot.com/p/blog-page_21.html

අනුගමනය කරන්න.උදාහරණ ‌ලෙස පිටුවක් අමුණා ඇත.



අක්ෂර ලියන අකාරය

ජපන් භාෂාවේ ඇති අක්ෂරයන් ලිවීමේදී සැලකිලිමත් වියයුතු රීති.


  1. -----> යම් ජපන් අකුරක තිරස් අතට යම් රේකාවක් ඇත්නම් එය වමේ සිට දකුණට ඇදිය යුතු වේ.
  2. |   සිරස් අතට රේකාවක් ඇත්නම් එය උඩ සිට පහලට ඇදිය යුතු වේ.
  3. U යම් අක්‍ෂරයක කෝණා කාර ස්වභාවයේ ඉරක් ඇත්නම් එය එය තනි ඉරක් සේ ඇදිය යුතු වේ.
  4. / J නිදහස් රේකා සහ ස්ථිර රේකා ලෙසද අක්ෂර ලියනු ඇත.
      ඉහත පෙන්වා දී ඇති කරුණු සැම රූපාක්ෂරයකම, හිරඟනා හෝඩියේ මෙන්ම කතකනා හෝඩියේ අක්ෂරයන් ලිවීමේදී භාවිතකලයුතු වේ.මීට අමතරව අක්ෂරයේ හැඩය පවත්වා ගැනීමේදී පහත දී ඇති කරුණු ගැන සලකීමත් විය යුතු වේ.

හිරඟනා ひらがな

මෙහිදී සියලුම අක්ෂරයන් ලිවිය යුත්තේ වමේ සිට දකුණටයි

ඔබට තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් Smart Phone Application (Android OS) එකක් ලෙස මෙතනින් ලබාගන්න.

Hiragana writing practice sheets PDFආකාරයට Print Out අවශ්‍යනම් මෙතනින් ලබාගන්න.



කතකනා  カタカナ

මෙහිදී සියලුම අක්ෂරයන් ලිවිය යුත්තේ වමේ සිට දකුණටයි.


ඔබට තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යනම් Smart Phone Application (Android OS) එකක් ලෙස මෙතනින් ලබාගන්න.

Katakana writing practice sheets PDF  ආකාරයට Print Out අවශ්‍යනම් මෙතනින් ලබාගන්න.


ජපන් අක්ෂර ශබ්ධ කරන ආකාරය
              
================================================
තෙන්තෙන් [ " ] සහ මරුතෙන් [。] සහිත අක්ෂර 


හිරඟනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 46 න් අක්ෂර 20ක් සදහා තෙන්තෙන් සහ මරුතෙන් ආදේශ කොට අක්ෂර 25 ක් යොදාගත හැකිය. ඒ සදහා ආදේශ  කරන අක්ෂර 20 පහත පෙන්වා දී ඇත.
か き く け こ
さ し す せ そ
た ち つ て と
は ひ ふ へ ほ

ග(Ga) ශබ්ධයත් / ශ(Za) ශබ්ධයත් / ඩ(Da) ශබ්ධයත් / බ(Ba) ශබ්ධයත්/ ප(Pa) ශබ්ධයත් ගොඩනගා ගැනීමට ඉහත පෙන්වා දී ඇති අක්ෂරයන් 20 සමග තෙන්තෙන් සහ මරුතෙන් ආදේශ කරගන්නා ආකාරය පහත දක්වා ඇත.


ක   →  ග

කි  き → ぎ     ගී
කු  く → ぐ      ගු
කේ け → げ     ගේ
කෝ こ → ご    ගෝ


ඉහත ක්‍රමවේදය පිලිබදව නැවත හොදින් බලන්න, එහි か අක්ෂරයට පසුපසින් වමේ සිට පහලට ඇලව දකුණු දෙසට අක්ෂරයට දකුණුපස ඉහලින් කුඩා ඉරිකබැලි දෙකක් යොදාගෙන "ක か ශබ්ධය ග が ශබ්ධයට" පරිවර්ථනය කරගනු ලබනවා. මෙම අක්ෂරයන් තෙන්තෙන්  අක්ෂරයන් ලෙස හදුන්වයි.

පහත වගුව අධ්‍යයනය කරන්න.
මරුතෙන් යනු , එම පසුපස ඉරිකබැලි දෙක වෙනුවට " 。” ආදේශ කිරීමයි. ඒ අනුව,


හ      は → ぱ  ප


හි      ひ → ぴ     පි


හු      ふ → ぷ     පු


හෙ   へ → ぺ    පෙ
හො  ほ → ぽ    පො


කතකනා හා හිරඟනා සදහා තෙන්තෙන් / මරුතෙන් බවිතාකිරිම එකහා සමානයි.දීර්ග ස්වරයන්

ජපන් භාෂාවේ මුලික හොඩින් අතර ඇති 
හිරඟනා හෝඩියේත් කතකනා හෝඩියේත් ප්‍රධාන අක්ෂර 46ක් දැකිය හැකි අතර මෙම අක්ෂර 46 තුල කිසිදු දීර්ග ස්වරයක් දැකිය නොහැක. ඒ අනුව හිරගනා හෝඩිය අධාරකරගෙන දීර්ග ස්වරයන් නිර්මාණය කරගන්න ආකාරය පහත සදහන් වේ.

සලකියයුතුයි. : හිරඟනා හෝඩියේ ආධාරයෙන් දීර්ග ස්වරයන් නිර්මාණයේදී ස්වර අක්ෂර 05ක් උපයෝගී කරගනී.


あ  い  う  え  お

ඉහත පෙන්වා දී ඇති ස්වර අක්ෂරයන් දීර්ග අක්ෂරයක් ලෙස ලියනු ලබන ආකාරය,

අ  あ  → ああ   ආ
ඉ  い → いい   ඊ
උ  う → うう     ඌ
එ  え → ええ    ඒ
         ඔ  お → おお /おう ඕ

ඕ " අක්ෂරය දීර්ග ස්වරයන් ලියනු ලබන ආකාරයන් 2ක් දැකිය හැක.
විශේෂයෙන් ජපන් භාෂාවේ "ඕ ' අක්ෂරයේ ව්‍යංජන අක්ෂරයට පසුව ස්වර 'උ" අක්ෂරයට ආදේශ කරනු ලබයි .

ව්‍යංජන දීර්ග අක්ෂරයන්,

ක  か → かあ  කා
කි  き → きい   කී
කු  く → くう      කූ
කෙ  け → けえ  කේ
කො こ → こう | こお කෝ

 දීර්ග ස්වර භාවිතාවන වචනයන් කිහිපයක්.


Okii    ー    おおきい     - විශාලයි
Oi       ー おおい    -     ගොඩක් 
         Osaka ー おおさか - ජපානයේ නගරයක්
         kOkO ー こ    - ජේෂ්ඨ පාසැල 

* සැලකිය යුතුයි. මින් ඉදිරියට ජපන් භාෂාවේ උච්චාරණ ක්‍රමයන් ඉංග්‍රීසි අකුරෙන් නොපෙන් වන බව කරුණාවෙන් සලකන්න. මන්ද යත් , මම සිතනවා ඔබට ජපන් අක්ෂරයන් මේ වන විට හොදින් ලිවීමට සහ කියවීමට හැකි බව.

こうこうせい  -  ජෙෂ්ඨ පාසල් සිසුවා.
くうこう          - ගුවන්තොටුපල
のうみん       - ගොවියා
おかあさん   - අම්මා
おとうさん     - තාත්තා
おばあさん   - අච්චි
おじいさん    - සීයා
こうべ            - ජපානයේ නගරයක්


බැදී අක්ෂර

ජපන් භාශාවේ හිරඟනා හෝඩියේහි මුලික අක්ෂර 46ක් දැකිය හැකි වේ, මෙමෙ අක්ෂර 46 සදහා තෙන්තෙන් හා මරුතෙන් ආදේශ කොට තවත් අක්ෂර 25ක් නිර්මාණය කරගනු දැකිය හැකි වේ. විශේෂයෙන් ජපන් භාෂාවේ දැකිය හැකි තවත් ප්‍රධාන අක්ෂර කණ්ඩයක් ලෙස බැදී අක්ෂර පෙන්වා දිය හැක. ප්‍රධාන වශයෙන් බැදී අක්ෂර 33ක් මෙම හිරඟනා හෝඩිය ආකාරයෙන් නිර්මාණය කරනු ලබයි. ඒ සදහා や ゆ よ අක්ෂර සමග " い" ශබ්ධයේ ව්‍යංජන අක්ෂර 11 උපයෝගී කරගනු ලබයි.

い ශබ්ධයේ අක්ෂර 11

き ぎ し じ ち に ひ び ぴ み り 

ඒ අනුව ඉහත පෙන්වා දී ඇති ”ぃ” ශබ්ධයේ ව්‍යන්ජනයන් සමග や ゆ よ යන අක්ෂරයන් භාවිතාකොට නිර්මාණය කරගනු ලබයි.

සැ.යු. බැදී අක්ෂරයන් ව්‍යංජන අක්ෂරයන්ට සාපේක්ෂව කුඩායි.

きゃ- ක්‍යා    しゃ- ශා     ひゃ- හ(යා) ぴゃ- ප්‍යා
きゅ- ක්‍යු  しゅ- ශු      ひゅ       ぴゅ- 
きょ- ක්‍යෝ    しょ - ශෝ     ひょ       ぴょ

ぎゃ- ග්‍යා  じゃ- ජා  びゃ- බ්‍යා  ちゃ - චා

ぎゅ    じゅ   びゅ     ちゅ
ぎょ         じょ   びょ      ちょ

にゃ- න්‍යා  みょ - ම්‍යා  りゃ - ර්‍යා
にゅ    みゅ   りゅ
にょ    みょ    りょ


වැදගත් : -  ඉහත සදහන් බැදි අක්ෂරයන් දීර්ඝ ස්වරයෙන් ලිවීමේදී අදාල බැදී අක්ෂරයට ගැලපෙන ස්වර අක්ෂරයන් ගැලපිය යුතු වේ.

උදා :-  ක්‍යා(අ)    きゃあ
           ක්‍යු(උ)  きゅう
           ක්‍යෝ(ඕ) きょ → きょう(මෙසේ お දීර්ඝ ස්වරයෙන් ලිවීමේදී お  වෙනුවට う අක්ෂරය භාවිතා කරයි.)  
















Saturday 17 August 2019

Nat 5 level ජපන් විභාගයට ‌පෙනී සිටින අය සදහා විස්තරාත්මක පාඩමකි.

https://www.youtube.com/watch?v=nGg4IVG_WBg

Nat 5 level ජපන් විභාගයට ‌පෙනී සිටින අය සදහා විස්තරාත්මක පාඩමකි.

母国スリランカ – Bokoku -- Srilanka. මවු රට ශ්‍රීලංකා.







母国スリランカ – Bokoku Srilanka. 
スリランカはインドの海洋で囲まれている 綺麗な 島です。
Suriranka wa Indo no Kaiyō de kakomareteru kireina shima desu.

ශ්‍රීලංකාව
යනු ඉන්දියානු සාගරයෙන් වටවූ ලස්සණ දූපතකි
.

季節がはっきり分かれていない。

Kisetsu ga hakkiri wakarete inai.

සෘතු සමය පැහැදිලිව බෙදී නැත..



雨季と乾季 だけです。


Uki to kanki dakedesu.

වැසි සහ වියළි කාල පමණි
.



Tuesday 13 August 2019

BEGINNING JAPANESE FOR PROFESSIONALS: BOOK 01 By Emiko Konomi .

Sunday 4 August 2019

http://wordgrammar.net/minna-no-nihongo-collection-of-50-l…/

Saturday 3 August 2019

උසස් ‌පෙළ ජපන් විෂය නිර්දේශය.

http://nie.lk/pdffiles/tg/sALSyl%20Japenes.pdf

උසස් ‌පෙළ ජපන් විෂය නිර්දේශය.බාගන්න.