නිපාත (particle )
නිපාත ( particle )
ජපං ඉගෙන ගන්නා අයට නැතිවම බැරිය. සිිංහලෙන් ලියන විට අපි පද බෙදා දක්වතත් ජපන් ක්‍රමයට එක ගොඩේ ලියනවා.පද අතරට දාන නිපාත වලින් වෙන්කර හදුනා තේරුම ගන්න වෙනවා.
ඒත් ඔබ ගේ පහසුවට වචන ඇත් කර ලියමි. නිපාත වලින් විවිධ කාර්ය කෙරේ. ඒවා එක එකක්
ඒ යටතේ ඉගෙන ගනිමු.
は (ha) වා - නිපාතය .
ටයිප් කරන්නේ ha යොදා ගෙන . මෙය ප්‍රධානම නිපාතයක් වේ.
නාම පදයකට පසුව එක්ව එය උක්තය හෝ තේමාව බව අගවයි.
වතෂි+වා = මම / හනා + වා = මල හෝ මල් / නිහොං + වා = ජපානය /
දෙන්වා [ denwa ] + වා = දුරකථනය / ෂිංකංසෙන් + වා = ජපං අධිවේග විදුලි දුම්රිය .
ෂිංකංසෙං + වා = හයයි ( වේගවත් යන අදහස දෙන විශේෂණ පදය ) / ෂිංකංසෙන් වා හයයි දෙස්. = “ සිංකංසෙන් “ වේගවත් යන තේමාව දේ.
හනා වා කිරේ දෙස් = මල /මල් ලස්සණයි.
කරන්නා නොව ක්‍රියාව දෙසට වැඩි අවධානයක් දෙන්න නම් ඒ සදහා
が [ga] යන නිපාතය යොදාගන්නවා.
“ වතෂි + ගා සුරිරංක ජිං දෙස්.” කීවාම එතන ඉන්න එකම ශ්‍රීලාංකිකයා තමා බව ඇගවේ.
Imasu ( ඉන්නවා ) / arimasu ( තියෙනවා ) / කියන ක්‍රියා සමග හා එවායින් ප්‍රශ්ණ ඇසීමටත් が [ga] යන නිපාතය යෙදේ. තවත් නමුත් ( but ) යන අදහස දීමටත් යොදාගනී.
