Tuesday 20 February 2018

"A '' ( は ) ''B"... です。 ````````` "A '' වා 'B"' දෙස්. රටාව.

මෙම රටාව ..... එ් වා බී දෙස්  .....  කියා හදුනා ගැන්මේ පහසුවට නම් කරමු..

"A '' වෙනුවට ( නාමපදයක්)
'' B" වෙනුවටත් නාම පදයක් හෝ විශේෂණ පදයක්
එක් කොට වැකියක් සාදා ගන්නා සරලම ක්‍රමය මේ තුළින් බලමු..
උදා.... * මම ....  වෙෙද්‍යවරයෙක් මි ........./ අැය ... හෙදිය ...................  කි.......   / මල ... ලස්සණ.... යි.
           * වතෂි ( වා) ඉෂා ...... ( දෙස්) ....  / කනොජො ( වා) කන්ගොෆු ( දෙස්) ../ හනා (වා) . කිරේ..(දෙස්).

( は ) ... වා ... මගින් ඊට මුලින් අැති පදය උක්තය බව හගවයි. නැත්නම් තේමාව බව කියයි.
(です ) .. දෙස් ... මගින් වාක්‍යය සම්පූර්ණ කරයි./ විනීත කරයි. / අැත.. නැත .. බව හගවයි .. / අතීත ..
                ... අනතීත කාලය හගවයි. ( වර නැගීම් තුළ)
දැන් වචන ටිකක් හොයා ගෙන වාක්‍ය කීපයක් හදන්න බලමු. මතක තියා ගතයුතු කරුණක් අැත. එ් එ්ක වචන / බහු වචන භේදය ඉතාම සීමිත බව. ගැහැණු පිරිමි භේදයක් ද නැත. වෙෙද්‍ය වරයා හෝ වරිය අමතන්නේ ... ඉෂා .. යන පදයෙනි. / ... ගකුසේ ... යන්නෙන් සිසුවා සිසුවිය යන දෙදෙනාමය.
මම ... watashi ( වතෂි ) わたし (は) ... 私
අපි ... watashi + tachi ( වතෂි තචි ) わたしたちは ... 私たちは
නුඹ .. anata  ( අනතා) あなた
නුඹලා .. anata + tachi ( අනතා තචි ) あなたたち ( は ) ඔයාලා
ඔහු .. kare ( කරෙ ) かれ
ඔවුහු .. karera' ( කරෙරා ) かれら
අැය .. kanojo ( කනොජො )  අැය..  යන්නෙහි බහු වචනය kanojora ( කනොජොරා ) වේ.彼女ら
ගුරුවරයා/වරිය ... kyoushi ( ක්යෝෂි) きょうし වෘත්තීයමය .. සෙන්සේせんせい ගෞරවනීය නාමය.
වෙෙද්‍ය වරයා / වරිය ... isha ( ඉෂා) ඔ- ඉෂා සං ( ගෞරවනීය අැමතීම) お医者さん
සිසුවා / සිසුවිය .. gakusei (  ගක්සේ ) බහුවචනය .. ගකුසේ තචි .学生たち
පිරිමියා ( පුද්ගලයා) onna ( no hito) ඔතොකො නො හිතො 男の人
ගැහණිය .. otoko ( no hito )  ඔන්නා නො හිතො..おんなのひと ....  /   女の人
පිරිමි ළමයා .. onna ( no ko ) ඔතොකො නො කො おとこのこ ...  男の子
ගෑණු ළමයා.. otoko ( no ko) ඔන්නා නො කො  おんなのこ .... 女の子

දැන් මෙම ලැයිස්තුවට වෘත්තීයමය නම් ටිකක් එකතු කර දීර්ඝ කරමු.( professionals )

しごとの ことばを おぼえましょう。( ෂිගොතො නො කොතොබා ඔබොඑමෂෝ.) වෘත්තීය නාමයන් මතක්කරගමු -
Let's learn names of occupations."せんせい sensei"   =  teacher."がくせい gakusei" =  student."ぎんこういん ginkōin" = bank employee."いしゃ isha" = doctor."けんきゅうしゃ kenkyūsha" = researcher."エンジニア enjinia" = engineer.https://www.wordhippo.com/what-is/the/japanese-word-for-483f0a9f747f13675b43018d6bec6aa718e03804.html
මෙම දිගුව භාවිත කරමින් රැකියා නාම ඉංගිරිසියෙන් ටයිප් කර ජපන්වලින් පරිවර්ථනය කර බලා ගන්න පිළිවන්.
ඊලගට අපි 
මේ රටාවට ගැලපිය හැකි විශේෂණ ටිකක් /  නාමයන් ටිකක් සොයා ගමු.
ලාභයි ... පහසුයි ....යසුයි .. yasui .. やすい
මිල අධිකයි / උසයි ... තකයි ... takai ... たかい
උෂ්ණයි ... අත්සුයි... atsui ... あつい
ශීතලයි ... සමුයි ... samui ... さむい
මහතයි ... ෆුතොයි.. futoi ... ふとい
සුදුයි .. ෂිරොයි .. shiroi ... しろい ... 白い

දක්ෂයි .. කිංබෙන්නා .. kinbenna ... きんべんな
නිහඬයි ... ෂිද්සුකනා .. shizukana ... しずかな
කාරුණිකයි ... ෂිංසෙත්සුනා.. shinsetsuna ... しんせつな
ලස්සණයි ... කිරේනා kireina ... きれいな

මෙහි විශේෂණ පද වර්ග 2 ක් අැති බව පෙනේ.
* එක් වර්ගයක අගට ..( i) 
යි  .. අකුරත්..
* තව වර්ගයකට අගට ...නා (na) .. අකුරත් අැති නිසා එ්වා ..ඉ ( i ) ගණයේ විශේෂණ හා නා..( na ) ගණයේ විශේෂණත්  කියා හදුන්වමු.

な ...( na )  ගණයේ විශේෂණ මෙම රටාව තුළ ..
* අැය ලස්සණයි ... කියන විට 
な ...( na ) ඉවත්ව きれい කිරේ  දෙස්...වේ.
かのじょ は きれい です。kanojo wa kiirei desu.

*.  ඉ ( i ) ගණයේ විශේෂණ වෙනසක් නැතිවම එකී රටාව අනුගමනය කරයි.
*. 
野菜は 高い です。 එළවළු මිල අධිකය. Yasai wa takaidesu
*. 
きょうはあついです。අද උණුසුම්.... Kyō wa atsuidesu.
です... (desu) '' දෙස් .. වර නැගීම ( conjugate)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

です... (desu) මගින් වාක්‍යයක් විනීත කරන බවත් අදහස සම්පූර්ණ කරන බවත් සදහන් කළෙමි.#.  " Suriranka desu '' ... ශ්‍රීලංකාව ය. /  ශ්‍රීලංකාව වේ.  ( වර්තමාන .. අැත .. අදහස ) interrogative
#.  " Suriranka dewa arimasen '' .      ශ්‍රීලංකාව නොවේ. ( වර්තමාන .. නැත .. අදහස ) negative
#. " Suriranka deshita '' ... ශ්‍රීලංකාව වීය. ( අතීත කාල)
#.  " Suriranka dewa arimasen deshita '' .. ශ්‍රීලංකාව නොවීය. ( අතීත කාල)
desu  ( වර්තමාන .. අැත .. අදහස ) /     deshita  ( අතීත අැත .. අදහස )
dewa arimasen ( වර්තමාන .. නැත .. අදහස ) /  dewa arimasen deshita... ( අතීත නැත .. අදහස )

 (A) 日本は寒いです。 Nihon wa samui desu. ජපානය සීතලයි. (B) スリランカ は さむいではありません。Suriranka wa samui dewa arimasen.
       
 ශ්‍රීලංකාව සීතල නොවේ.
(C) 彼女は看護婦でした。Kanojo wa kangofudeshita. අැය හෙදියක වූවාය.
(D) 
彼女は看護婦では ありません でした。Kanojo wa kangofude wa arimasendeshita.
      ඇය හෙදියක් නොවීය.
මේ ටික හොදින් ඉගෙන ගන්න.
අානන්ද ගෙනි.

        

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home