Tuesday 6 February 2018

සිංහල ට සාපේක්ෂව ජපන් බස.... ?

සිංහල ට සාපේක්ෂව ජපන් බස.... ? ( Japanese compare with Sinhala.) * ව්‍යාකරණ නීති සරලයි. ( grammer ) 1. උක්ත අාඛ්‍යාත පද ( S. O. V. ) සබදතාවක් නැත. උක්තයට අනුව ක්‍රියා පදය අපේ බසේ මෙන් වෙනස් නොවෙයි.

2. උක්තය ... කර්මය ... අාඛ්‍යාතය ( S.O.V.) සිංහල බසේ අනු පිළිවෙලටම ය. මම ... ගෙදර ... යමි. ( S. වතෂි(වා) O. උචි (එ) V. ඉකිමස්. ) වශයෙනි. 3. එ්ක වචන .. බහු වචන .. පද ඉතාම අල්පය. පොත / පොත් ... හොන් ... වෙයි. මම ... වතෂි වන අතර / අපි ... කියන්න වතෂි ... යන පදයට .. තචි .. කියා කොටසක් එක් කෙරෙයි. කොදොමො ( ළමයා ) තොමොදචි ( යහලුවා) හිතො ( පුද්ගලයා ) යන වචන වලට එලෙස තචි ... එක් කෙරෙයි. එම නීතිය සැම විටම පොදු නොවන බව .... ඔහු ... කරෙ ... වන අතර ඔවුහු ... කරෙරා ... වෙයි. අැය ... කනොජො ... වනවිට ... එහි බහු වචනය .. කනොජොරා වෙයි. . 4. පද බෙදීම් / අක්ෂර වින්‍යාස ( ණ, න, ළ, ල ) / විරාම ලකුණු තිත පමණි. අපේ බිංදුව මෙනි. 5. ලිංග භේද අල්පය. මහතා / මහත්මිය සදහා ... සං ... යන ගරු පදය නම අගට එක් කෙරෙයි. සමා ... යන ගරු පදය වඩා උසස් ගරු පදයකි.( සර් / මැඩම් වගේ) බුදු සමිදුට / දෙවියනට ..සමාය. ළමුනට .. කුං .. යන පදය එක්කරත්. 6. උච්චාරණය සිංහල අපට පහසුය. masu ( මස් /මසු ) desu ( දෙස් / දෙසු ) කියාත්... he (හෙ へ ) නිපාතයක් ලෙස (එ) කියාත් / ..... ha නිපාතයක් ලෙස ( はවා) කියාත් tsu ( ත්සු ) zu ( ද්සු) ....කියාත් කියමු.( මෙම අක්ෂර සිංහල හෝඩියෙහි නැත.) 7. ස්වර 5 ( අ (a) / ඉ ( i ) / උ ( u ) / එ (e ) / ඔ ( o ) ) පිළිවෙළින් -- あ い う え お එකම අකුර 2පාරක් ලියා දීර්ඝ ස්වර සාදාගනී... ああ .. අා / いい ( ඊ) / うう ( උෟ ) / お お ( ඔ් ) ලෙසය... ක+අ = කා / ම+අ = මා / ස+අ= සා ... ලෙස වෙනත් අකුරක් හා එක්ව දීර්ඝ අා .. ස්වරය සාදයි. කෙ+ඉ=කේ / සෙ+ඉ= සේ / ලෙසත් සමහර විට කෙ+එ= කේ .. සෙ+එ = සේ ... ලෙස හා කි+ඉ=කී / පි+ඉ=පී වන අවස්ථා අැත. කු + උ = කූ ... / කො + උ = කෝ / කො + ඔ = කෝ / ලෙස උච්චාරණය වන වචන අැති බව එ් එ් පාඩම් වලින් උගනිමු. 8. නිපාත ...( particle ..) හැසිරවීමෙන් අදහස් විවිධ කෙරෙයි..එය ජපනාටම හුරු ක්‍රමයකි. අපට එ්ක තරමක ගැටලුවකි. එවන් උප පද ( නිපාත) රාශියකි... අප මෙන් වචන අෑත් කර ලිවීමක් ජපන් බසේ නැත. එය අාධුනිකයාට කියවා ගැන්මට ගැටලුවක් වේ. එ් නිසා අප පද බෙදා මුලදී ලියන්න කියවන්න ඉගෙන ගමු... තවත් කිවයුතු දෙයක් ව අැත්තේ සාම්ප්‍රදායික ක්‍රමයට ඉහළ සිට පහළට හා වමේ සිට දකුණට ලියන බවයි. 9. දෙස් ... මස් .. යන ක්‍රියා පද වර නැගීමෙන් අතීත / අනතීත කාල හා යමක් කරන හෝ නොකරන බවක් ජපනු බස අනුගමනය කරයි. එසේම එමගින් විනීත බවක් ද අැති කරයි. හිතවතුන් දෙදෙනෙක් කතාකරන විට එ් නොසළකා ... නයි / නකත්තා /.. ( නැහ / නොවූවා) ස්වරූප යොදා ගනී. එ්වා ක්‍රියා වර නැගීම් තුළින් උගෙනිමු. 10. ලිවීම .. අපේ අක්‍ෂර වගේ රවුම් හැඩ වේ.පහසුය. එ් සදහා අක්ෂර වර්ග 3 ක් යොදා ගනී. 1. හිරගන .. මූලික ප්‍රාථමික අක්ෂර. / ඔනෑම වචනයක් ලිවිය හැක. 11. කතකන අක්ෂර ... විදෙස් භාෂාවල වචන /නම් එයින් ලියත්. 111. කන්ජි ( කනා) .. මේවා චීන අකුරු ලෙස හදුන්වන්නේ අාරම්භක ඉතිහාසය මතය. කංජි ... අක්ෂර වලට හෝඩියක් නැත... රූප ( සංකේත ) බලා අදහස ගනී.වාක්‍යයෙහි අනෙක් වචන මත .. කියවීම / තේරුම් ගැනීම සිදුවෙන හෙයින් නිශ්චිතව කියවන්න බැරිය. උදා... 勉強 ( කන්ජි රූපය) = benkyou = ඉගෙනීම / 人 hito = කෙනා / පුද්ගලයා. එ්වා සංඛ්‍යාත්මකව ලක්ෂ ගණනකි.සාමාන්‍ය යෙන් 2500 ක් පමණ විභාග වලට අැවැසි වේ. 1.ප්‍රාථමික අක්ෂර ( හිරගන ) උදා:- べんきょう benkyou = ඉගෙනීම... පළමු කොටසස්වර 5 ක් යටතේ අක්ෂර 46 ක් ද ...
දෙවන කොටසට ( තෙන් තෙන් ) " කුඩා ඉරි කැබැලි 2ක් යොදා ගෙන තවත් අක්ෂර 25 ක් පළමු කොටසේ අකුරු වලින්ම සාදා ගැනේ.
තුන්වන කොටසට ... / යු / යො / අකුර කුඩාවට ( චීසයි) や ゆ よ පළමු කොටසෙහි ඉ .. ස්වරය යටතේ එන අක්ෂර වලට එක්කොට බැදි අකුරු සාදා ගනී.එ්වා 33 කි. උදා.. ක්+ය= ක්ය / ක්+යු = ක්යු / ක් + යො = ක්යො ... අාදි වශයෙනි.
11.
කතකන අක්ෂර ... කියවීම හිරගන මෙනි.. ලිවීම පමණක් වෙනස් වේ. විදෙස් භාෂාවල වචන නම් එයින් ලියත්. උදා :- ス( සු ) ミ( මි ) ス( සු ) = Smith ලිවීමෙහි දී විශේෂත්වය වන්නේ මෙම වර්ග 3 ම අකුරු එකම වාක්‍යයක් තුළ වීමයි. උදා ... スミス さん は 日本語 を 勉強します。 Sumisu san wa ( ha) Nihongo wo (o) benkyoushimasu. ස්මිත් මහතා ජපන්බස උගනී.
11.
ක්‍රියාපද .... වර්ග 3 කි. සියලුම ක්‍රියා පද " U " අකුර අගට ගෙන. 1. ku / mu / nu / bu / ru (1) / u / tsu / gu / tsu / අකුර අගට 2. ru (2) (පළමු කාංඩයේ .(රු) වලින් වෙනස් වන්නේ මස් රටාව තුළ. 3. ku / suru .. පමණි. (1) පළමු කාංඩයේ ක්‍රියාපද ... වලින් .. මස් .. රටාව සකසන විට u (යූ) කැපී i (ඉ) එක්වෙ. ku -> ki ( ki +masu = kimasu ) ( පසුව අදාළ පාඩම බලමු) (2) දෙවන කාංඩයේ ක්‍රියාපද ... වලින් .. මස් .. රටාව සකසන විට u (යූ) කැපී මස් එක්වේ. taberu --> tabe+masu. = tabemasu. වේ. (3) කාංඩයේ ක්‍රියාපද ... වලින් .. මස් .. රටාව සකසන විට--> kuru ---> kimasu. වේ. suru ---> shimasu වේ. DESU / MASU .. Form ( රටා) මගින් * වාක්‍ය සම්පූර්ණ කරන අතර ... * වාක්‍ය විනීත කරයි.... * එසේම අැත (Affirmative ) / නැත ( Negative) බව අතීත කාල ( past) / අනතීත කාල ( present) ගැන අදහසක් දෙයි. මූලික හෙවත් ශබ්ද කෝෂ ස්වරූපය ( D.F.) තුළ සෑම ක්‍රියාපද අගට ම " U '' යෙදේ.( ඉහත කාංඩ 3 ම මෙන්) මේවා පසුව නැවැත එක එකක් යටතේ වර නැගීම් ( conjugate ) උගත යුතුව අැත. ( Verb Conjugate ) ...ක්‍රියා පද වරනැගීම ඉතාම නිවැරැදිව උගත යුතුවෙයි. අානන්ද ගෙනි.( By Ananda )

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home